free web stats

ක්‍රිකට් උප­දේ­ශක තන­තු­රින් අස්වූ ජය­සූ­රිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ ඉහළ කාර්යසාධන මධ්‍ය­ස්ථා­නයේ උප­දේ­ශක තන­තු­රෙන් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජය­සූ­රිය මහතා ඉල්ලා අස් වී තිබෙනවා.

අලු­තින් පත් කරන ලද ක්‍රිකට් පරි­ව­ර්තන කමි­ටු­වට යොමු කළ ලිපි­ය­කින් ජය­සූ­රිය කියා ඇත්තේ, ඉහළ කාර්යසාධන මධ්‍ය­ස්ථා­නයේ පත්වීම සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංග­මයේ සභා­පති ධුරය යන දෙකම සම්බ­න්ධ­යෙන් ඇතැම් සාමා­ජි­ක­යන් ගැටලු මතු කර ඇති බව තමා දැන­ගත් බවයි.

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංග­මය සමඟ තමාගේ සම්බ­න්ධ­තා­ව පිළි­බඳ අද­හස් දක්ව­මින් ජය­සූ­රිය පැව­සුවේ මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් බිහි වූ ක්‍රීඩ­ක­යකු ලෙස මාතර ක්‍රිකට් සංව­ර්ධ­නය තම හද­ව­තට සමීප බවයි.

කෙසේ වෙතත්, නව ක්‍රිකට් පරි­පා­ල­නයේ සාමා­ජි­ක­යන් තම භූමි­කා­වන් දෙක පර­ස්පර විරෝධී ලෙස සල­කන්නේ නම්, මාතර ක්‍රිකට් සංව­ර්ධ­නය සඳහා දායක වීමට තමා කැමැති බව ජය­සූ­රිය සඳ­හන් කර ඇත.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් වග­කීම් භාර­ගත්තේ රැකි­යා­වක් අවශ්‍ය නිසා නොව, ජාතික කණ්ඩා­ය­මට දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­ය­කදී සේවය කිරී­මට බවත් දේශීය පුහුණු කාර්ය මණ්ඩ­ලය සහ ක්‍රීඩ­ක­යන් සමඟ එක්ව, කණ්ඩා­යමේ ප්‍රමි­තීන් සහ විශ්වා­සය නැවත ගොඩ­නඟා ගැනී­මට කට­යුතු කළ බවත් සිහි­පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *