free web stats

ළමා ආරක්ෂාවට නීතී නිලධාරීන්ගේ හිගයක්

ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට එරෙහිව සිදුවන අපරාධ, හිංසන හා අපයෝජන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නීති නිලධාරීන් පත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙන බව පසුගිය සිදුවීම් ඔස්සේ අපට පැහැදිලිව දකින්නට ලැබෙනවා.

වර්තමානයේ බොහෝ දිස්ත්‍රික්කවල ළමා ආරක්ෂණයට අදාළ නීතිමය කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමටත් , එමෙන්ම හදිසි අවශ්‍යතාවයකදී අධ්කරනය හමුවේ සියළු නීති නිලධාරීන් ළමා ආරක්ෂණය වෙනුවෙන් එක්ව පෙනීසිට්මටත් එමගින් හැකියාව උදා වනවා.

මේ හේතුවෙන් දරුවන්ට යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියද කඩ්නම් වන අතර ඇතැම් අවස්ථාවලදී මන්දගාමී වී ඇති බවට චෝදනා එල්ල වෙන නඩු කටයුතු ද කඩ්නම් කිරීමේ හැකියාවද එමගින් උදාවනු ඇත.

විශේෂයෙන්ම ළමා අපයෝජන, අන්තර්ජාල අපරාධ, ළමා ශ්‍රමය හා පවුල් ආරවුල් හේතුවෙන් පීඩාවට පත්වන දරුවන්ගේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය මට්ටමේ නීති නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව විශේෂඥයන් පවා පෙන්වා දෙනවා.

එබැවින් ළමා අරක්ෂණ අධිකාරිය වෙත දිස්ත්‍රික් මට්ටමින් එක් නීති නිලධාරීයෙක් හෝ පත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සහ අනුමැතිය කඩිනමින් ලබාදීම රජයේ වගකිව යුතු බලධාරීන්ගෙන් යුතුකමක් බව කිවයුතුයි.

ළමුන්ගේ ආරක්ෂාව සහ අනාගතය සුරක්ෂිත කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් වන බැවින්, මෙම කඩ්නම් අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කර හැකි ඉක්මනින් විසඳුම් ලබාදීම කාලෝචිත අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගෙන් ඉල්ලා සිට්නවා.

Viparama News – ප්‍රධාන කතෘ
ශාලුක මදුශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *