දිස්ත්රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්රියාත්මක බවයි.
ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්රික්කය සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
කලුතර දිස්ත්රික්කය:
පාලින්දනුවර
මහනුවර දිස්ත්රික්කය:
දොළුව
නුවරඑළිය දිස්ත්රික්කය:
අඹගමුව
රත්නපුර දිස්ත්රික්කය:
පැල්මඩුල්ල
අයගම
රත්නපුර
ගොඩකවෙල
කලවාන
නිවිතිගල

