free web stats

අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමට පියවර

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේ, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට එම කාර්යාල විවෘත කරන බවයි.

එම කාර්යාල මගින් පැමිණිලි භාර ගැනීම, නඩු පැවරීම ඇතුළු කරුණු රැසක් සිදු කිරීමට නියමිතයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පැමිණිලි භාර දීමට සහ සාක්ෂි ලබාදීමට ජනතාවට දැනට කොළඹට පැමිණිමට සිදුව ඇති බවයි.

ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමෙන් ජනතාවට සිදුවන එම අපහසුතා මගහරවා ගැනීමට හැකි බව, ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *