free web stats

ක්‍රීඩා පිටියක් කඳුළින් තෙත් කල අකල් වියෝව

බේරුවල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් ඊයේ දින (05) සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් අතරතුරදී ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

පන්දුවට පහර දෙමින් සිටි 46 හැවිරිදි ක්‍රීඩකයෙකු ලකුණු 6ක් (පන්දු 3කින්) ලබා සිටියදී එකවරම ක්‍රීඩා පිටිය මත ඇද වැටී මියගොස් තිබෙනවා.

සජීවී විකාශනයේ පවා සටහන් වූ මෙම අනපේක්ෂිත සිදුවීමට හේතුව හදිසි හෘදයාබාධයක් බවටයි සැක කෙරෙන්නේ.

සිදුවූ සෝචනීය අනතුරත් සමඟ ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද දැඩි කම්පනයට පත්වූ අතර, තරගාවලියද තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයන් පියවර ගෙන තිබෙනවා.

Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *