free web stats

අමෙරිකාවට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අමෙරිකා විසින් එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, පවතින ගැටුම් “නව මානයකට යොමු වන” බවට ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, “අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවුවහොත්, මෙම යුද්ධය නව සටන් පෙරමුණු කරා පුළුල් කිරීමට ඉරානය පියවර ගන්නා” බවයි.

ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ ශක්තිය සහ හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් ලෝකයට ප්‍රදර්ශනය කර නොමැති බව ද ඔහු සිය නිවේදයේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම සතුරු ක්‍රියාවක් හමුවේ අප ලබා දෙන ප්‍රතිචාරය පවතින තත්ත්වයට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. එය සතුරාගේ අපේක්ෂාවන් ඉක්මවා යනවා පමණක් නොව, ගැටුම් සඳහා නව කලාපයන් විවෘත කිරීමට ද හේතු වනු ඇතැයි” ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් මතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *