free web stats

වී සඳහා නව සහතික මිලක්

ඉදිරි දින කිහිපය ඇතුළත වී සඳහා නව සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ගොවියාට සාධාරණයක් වන ආකාරයට වී සදහා ලබා දී ඇති සහතික මිල සංශෝධනය කරන බවත් ඒ හරහා පාරිභෝගිකයා ආරක්ෂා වන පරිදි රජය සැලකිය යුතු වී ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මේ වන තෙක් ගොවීන්ට ලබා දීමේදී ප්‍රමාද වූ පොහොර සහනාධාරය මේ සතිය ඇතුළත සම්පූර්ණ කරන බවත්,
පොහොර සඳහා වන මුදල් ගෙවීම ප්‍රමාද වීමට බලපෑ හේතුව හඳුනාගෙන ඇති බවත් ඒවා කඩිනමින් නිවැරදි කරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *