free web stats

රාගම ග්‍රාම සේවා වසම් 03ක් සඳහා පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබූණා.

පොලීසිය පැවසුවේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බැවින් එම ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *