සාගර කාරියවසම් අත්අඩංගුවට -Update
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.
සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.
පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණා.
පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

