free web stats

කොලොම්බියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 111දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රිසරාල්ඩා (Risaralda) පළාතෙන් වන බවද සඳහන්වේ.

එමෙන්ම කාලි (Cali) නගරයට ද මෙම භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් ආපදා සහන කණ්ඩායම් කැඳවා තිබෙනවා.

රිච්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය පවසනවා.

කිලෝමීටර් 96ක පමණ ගැඹුරකින් සිදුව ඇති මෙම භූකම්පනය හේතුවෙන් ක්විබ්ඩෝ ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව තිබේ.

මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනා.

භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කර සිටීයි.

එමෙන්ම අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තය සහ බැරිනාස් හා බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශවලටද මෙම භූකම්පනය දැනී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *