free web stats

කාන්තා පොලිස් බැරැක්කයට රිංගු පොලිස් අනංගයා කොටුවෙයි

කාන්තා පොලිස් නිලධාරීණියන් රැදී සිටින බැරැක්කයට අද අළුයම් කාලයේ ඇතුළු වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නොරොච්චෝලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ පොලීසියට මෑතකදී සේවය සඳහා පැමිණ ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්. 

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයාට දැනුම් දීමට නොරොච්චෝලේ පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *