free web stats

ශ්‍රී ලංකා­වට එරෙ­හිව සෆ්රාස් ඛාන් කැඳ­වයි

ශ්‍රී ලංකා­වට එරෙහි තරග දෙක­කින් යුත් ටෙස්ට් තර­ගා­වලි‍යේ ඉන්දීය සංචි­ත‍යෙන් සායි සුද­ර්ශන් ඉවත් කිරී­මෙන් පසු ඇති වූ හිඩැස පුරවා ගැනී­මට මැද පෙළ පිති­කරු සෆ්රාස් ඛාන් නම් කර තිබෙනවා.

වසර දෙකක විවේ­ක­ය­කින් පසු පිති­කරු සෆ්රාස් ඛාන් ඉන්දීය කණ්ඩා­ය­මට කැඳවා ඇති බව ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය ඊ‍යේ නිවේ­ද­නය කළා.

ඉන්දීය කණ්ඩා­යම අගෝස්තු 15 වැනි දින ගාල්ලේදී ශ්‍රී ලංකා­වට එරෙ­හිව පළමු ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කරන අතර, සෆ්රාස් ඛාන් අව­සන් වරට නව­සී­ල­න්ත­යට එරෙ­හිව වන්කඩේ ක්‍රීඩාං­ග­ණ­යේදී ටෙස්ට් තර­ග­යක් ක්‍රීඩා කළේ 2024 දී වේ.

මේ දක්වා ඔහු නව­සී­ල­න්ත­යට හා එංග­ල­න්ත­යට එරෙ­හිව ටෙස්ට් තරග හය­කට ක්‍රීඩා කර ඇති අතර, ශත­ක­යක් සහ අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 371ක් ලබා­ගෙන තිබෙනවා.

2024 – 25 ඔස්ට්‍රේ­ලි­යානු සංචා­රය සඳහා සෆ්රාස් ඉන්දීය සංචි­තයේ සිටි­යද තර­ග­යක් ක්‍රීඩා කිරී­මට අව­ස්ථා­වක් නොලැ­බුණා.

පසු­ගිය වසරේ එංග­ලන්ත සංචා­රය සඳහා වූ ටෙස්ට් සංචි­ත­යෙන් ඔහු ඉවත් කර තිබිණා.

2025 රංජි කුස­ලාන තරග වාරයේ මුම්බායි වෙනු­වෙන් වැඩිම ලකුණු රැස්කළ තුන්වැනි ක්‍රීඩ­කයා වූයේ සෆ්රාස් වන අතර, ඔහු තරග හත­කදී ලකුණු 429ක් සමඟ සාමා­න්‍යය 53.62ක් රඳවා තිබෙනවා. ඔහුගේ පළමු පෙළ ලකුණු සාමා­න්‍යය 64.73ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *