බන්ධනාගාර නොසන්සුන්කම නිසා රටේ ජනතාව බියෙන්
රටේ බන්ධනාගාර තුළ ඇති වන නොසන්සුන්කාරී තත්ත්වය නිසා සාමාන්‍ය ජනතාවත් මේ වන විට බියට පත්වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (07) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ,
“රටේ ජනතාව බලාපොරොත්තු නොවුණ ආකාරයේ සිදුවීම් ගණනාවක් සිදු වෙමින් පවතිනවා. කෙසේ නමුත් මේ වන විට ආණ්ඩුවට රටේ තිබෙන බන්ධනාගාර පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. රජය භාරයේ සිටින රැඳවියන් පාලනය කරගැනීමට නොහැකි ආණ්ඩුව රටක් පාලනය කරන්නේ කෙසේද? යන ප්‍රශ්නය මතු වෙනවා.
ඒ වගේම බන්ධනාගාරවල සිටින ජේලර්වරුන් සහ නිලධාරීන්ට සුළු වැටුපකට ජීවිතය බිලිදෙන්න සිදු වෙලා තිබෙනවා. යහපාලන රජය සමයේදී ජේලර්වරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් ඔවුන්ගේ වැටුප් වැඩි නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මගේ වැටුප් වැඩි නොකරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා.”

