ශිරාන් බාසික් හෙලිකොප්ටර් යානා පැදවීමටත් පුහුණුව ලබලා
අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් ඩුබායිහිදි හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා පුහුණුව ලබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් තමාට හිමි බව, ඔහු ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇති බවයි.
පැය 72 ක රැඳවුම් නියෝග යටතේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසිනී.
මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පසුගියදා පිටුහවල් කරනු ලැබුවා.
48 හැවිරිදි ශිරාන් බාසික් දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

