free web stats

වී අලෙවි මණ්ඩලය මේ දක්වා මිලදී ගත් වී ප්‍රමාණය මෙන්න

වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ මින් වැඩිම වී අස්වනු තොගයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන බවයි.

පසුගිය ජූනි මාසයේ 13 වැනිදා සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කෙරුණා.

වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් කර ඇති නමුත් පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම ආදී ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන යන බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *