free web stats

බැංකු කළමණාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවෙ පොලීසිය සඳහන් කළා.

අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *