සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට සහනයක්
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ සදහා පත් කළ කමිටුවේ වාර්තාව, කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
ඒ, බන්ධනාගාර නිලධාරීන්, කමිටු සාමාජිකයින් ඇතුලු සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදී.
ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම, අදාළ කමිටුවේ ප්‍රධාන නිර්දේශ අතරට ඇතුළත් වේ.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කමිටුව පත් කෙරුණා.
ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙනි.
කමිටුව, මාස දහයක් පුරා කරන ලද අධ්‍යනයකින් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, අධිකරණ අමාත්‍යවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි රැඳවියන් හමුවිය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි.

