free web stats

IMF කණ්ඩායමක් ලබන සතියේදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන සතියේ 10 දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිතයි.

එම දින කිහිපය තුළ ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *