විද්යුත් වාහන සඳහා කොළ පාට අංක තහඩු
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා සඳහන් කළේ විදුලි වාහන සඳහා නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු නීත්යානුකූලව වලංගු බවයි.
අනෙකුත් වාහන සඳහා සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්රමවේදය තවදුරටත් ක්රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මේ අතර, ලියාපදිංචි කර ඇති වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බවද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, 2026 ජුනි 10 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි කළ වාහන 56,233ක් සඳහා වන අංක තහඩුද ඊට ඇතුළත් බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
මීට අමතරව, 2023 සහ 2024 වසරවලදී ලියාපදිංචි කළ වාහන 32,507ක් සඳහාද නව අංක තහඩු සකස් කර තිබෙනවා.
එම වාහනවල හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ අදාළ අංක තහඩු ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

