බොරතෙල් බැරලයේ ම්ල ඉහළට
හවුති කැරැලිකරුවන්ගෙන් සවුදි අරාබියට එල්ල වන නවතම ප්රහාරමාලාවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඊයේ පස්වරුව වන විට බ්රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 109.20 දක්වා 4.21%කින් ඉහළ ගොස් ඇති අතර, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.00 දක්වා 3.97%කින් ඉහළ ගිය බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.

