free web stats

ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු පස් වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා. 

ඒ, සිඩ්නිහිදීයි. 

තරඟයේ දෙවන දිනය වූ අද දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණු 66ක් රැස් කරගෙන සිටියා. 

සෑම් කොන්ස්ටස් ලකුණු 23කට දැවී ගියා. 

පන්දු යැවීමේ ජස්ප්‍රිට් බුම්රා සහ මෙහොමඩ් සිරාජ් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.  
 

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්  ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 185ක් පමණයි. 

එහිදී රිෂබ් පාන්ට් ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් රැස් කළා. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 25 සීමාව පසු කර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

පන්දු යැවීමේදී  ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් සහ මිචෙල් ස්ට්‍රක් කඩුලු 03ක් බිඳ හෙළුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *