free web stats

වර්ජනය තිබුණත් අදත් සමාන්‍ය පරිදි දුම්රිය ධාවනයේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද දිනයෙත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව සුමේධ සෝමරත්න මහතා පැවසූවා.

කෙසේවෙතත් දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද අද දිනයේත් සමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට කටයුතු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *