free web stats

මහවැලි ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් පස්බාගේ කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවද මේ සම්බන්ධව අවදානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *