ශ්රී ලංකාව පරදා එංගලන්තයට ජය
ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
චෙස්ටර්-ලී-ස්ට්රීට් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 48යි පන්දු 1කදී සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කර ගැනීමට සමත්වුණා.
එහිදී හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළ අතර, ශ්රී ලංකාව වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත්තා.
ලකුණු 266ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 45ක් රැස් කළ දුනිත් වෙල්ලාලගේ වන අතර, විල් ජැක්ස් එංගලන්තය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.

