free web stats

විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කරනවා

විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වසරින් වසර වැඩි කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පිරිසකට ණය ප්‍රදානය කිරීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණා.

ඒ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

2023 / 2024 යන වසරවල උසස් පෙළ හැදැරූ වයස අවුරුදු 25ට අඩු සිසුන්ට මේ සදහා ඉල්ලුම් කළ හැක. රුපියල් ලක්ෂ 15ක ණය මුදලක් මෙලෙස පිරිනැමෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *