ලලිත් කූගන් නඩුවට ගෝඨාභයගෙන් සාක්ෂි ගැනීම අද
ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්රමයට යාපනය මහේස්ත්රාත් අධිකරණයට සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(29) දිනයේදී සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව ලලිත් – කුගන් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව අද(29) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්රමයට යාපනය මහේස්ත්රාත් අධිකරණයට සාක්සි ලබා දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.
2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා යාපනය ආවරංකාල් ප්රදේශයේදී ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙයි.
එවකට ගෝඨභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළා.

