free web stats

එයාර් බස් නඩුවේ ඇපකරුවන් වූ අරවින්ද සහ බිරිඳට වෙච්ච දේ

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට අද (30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජසන්තක කරනු ලැබුවා.

මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය ඇප මත මුදා හැර තිබුණා.

ඒ අනුව අද දින මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20ක මුදල අධිකරණයට බාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20 ඇපය ඔක්තෝබර් 17 වන දින ගෙවන ලෙසත් නියෝග කළා.

මේ වන විට එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම සැකකාරිය අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව ඇපකරුවන් වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක විවෘත අධිකරණයේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *