කළුතර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
කෙත්හේන ජල පවිත්රාගාරයේ සිදුකෙරෙන අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්රදේශ කිහිපයකට හෙට 08 වැනිදා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට (08) වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අවශ්ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

