පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චිට ඇප – Update
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්වේ.
පනාගොඩ ප්රදේශයේ ඊයේ (07) රාත්රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) රාත්රියේ පනාගොඩ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

