free web stats

WhatsApp හරහා ඔබව රවට්ටන අලුත් වංචාවක්

WhatsApp හරහා ඇමතුම් ලැබී, වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ සාකච්ඡාවකට සම්බන්ධ කරගැනීමට Code එකක් ලබාදෙන ලෙස ඉල්ලා +57 337 488 568, +57 318 990 1992 අංකවලින් WhatsApp හරහා ඇමතුම් ලබා දීමේ වංචාවක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙම ඇමතුම් මගින් ඔබගේ දුරකථනයට SMS හෝ Call එකක් මගින් අංක 6 ක Code එකක් එන අතර එම Code එක ඔවුන්ට ලබා දුනහොත් WhatsApp ගිණුම සම්පූර්ණයෙන්ම ඔවුන් යටතට පත් වන බවයි සඳහන් වන්නේ.

එබැවින් කිසිම විටෙකත් ලැබෙන Code එක කිසිවෙකුට ලබා නොදීමටත් එම අංකවලින් ලැබෙන ඇමතුම් Cut , Block හෝ Report කරන ලෙසද දන්වා තිබෙනවා.

තවද දැනටමත් Code එක ලබා දී ඇත්නම්, WhatsApp එක Re-install කර නැවත Verification කර Settings > Two-step verification ON කරන ලෙසද වැඩිදුරටත් දන්වයි.

එම ඇමතුම් ලබා දෙන දුරකථන අංක පහතින්,

+57 337 488 568
+57 318 990 1992

Leave a Reply

Your email address will not be published. Required fields are marked *