free web stats

ශිරන්ති රාජපක්ෂට ඇප

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන නියම කළා.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් වේ.

ජාතික ඉදිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *