පොලීසියෙන් පොලීසියට පැමිණිල්ලක්
කොළඹ කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ සවිකර තිබූ cctv කැමරා 07 ක් අතුරුදහන්ව තිබෙනවා .
පොලිස් මූලස්ථානය විසින් මේ සම්බන්ධයෙන් කොටුව පොලීසියේ පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මේ වන විට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤ වීදියේ පැරණි ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙනවා.
එම ස්ථානයට පොලිස් මූලස්ථානය රැගෙන යෑමෙන් අනතුරුව මෙම cctv අතුරුදහන් වී ඇති බව සඳහන් වේ.
පැරණි පොලිස් මූලස්ථානයේ 05වන මහලේ මෙම cctv කැමරා සවි කර තිබී ඇති අතර ඒවායේ වටිනාකම මේ වන තෙක් ගණනය කර නොමැති බව වාර්තා වේ.