free web stats

ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ජය

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සමඟ පැවැති පළමු එක්දින තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සමග පැවැති පළමු එක්දින තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 305ක්.

එහිදී සල්මාන් අගා ලකුණු 107ක් ලබා ගත්තා.

අනතුරු ජයග්‍රහණය සඳහා ලකුණු 306ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1ක් තුළ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 268ක් පමණයි.

එහිදී පවන් රත්නායක ලකුණු 79ක් සහ ජනිත් ලියනගේ ලකුණු 60ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී ශයින් ෂා අෆ්රිඩි කඩුලු 03ක් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *