free web stats

ගුවන්යානයක් තුළ මෙලොව එළිය දුටු ලාංකීය බිළිඳා

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක අද (19) දින අලුයම දරු ප්‍රසූතියක් සිදු කර තිබෙනවා.

ඇය මීට වසර දෙකකට පමණ පෙර , එනම් 2024 වසරේ කුවේට් රාජ්‍යය වෙත ගෘහ සේවය සදහා ගොස් තිබූ , ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

ඇය අද (19) දින අලුයම 02.52 ට කුවේට් රාජ්‍යයේ , කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට , අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබුණා.

මෙවැනි දරු ප්‍රසූතිය සඳහා ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සඳහා සහභාගී කර නොගන්නා අතර , ඇය සිය ගර්භණී බව ගුවන් සේවා නිලධාරීවරුන් හට සැඟවීම සඳහා , ඇයගේ සිරුරට තද වන ආකාරයේ ” ඩෙනිම් ” වර්ගයේ කළිසමක් ඇද සිට තිබෙනවා.

මෙම දරු ප්‍රසූතිය ගුවන් සේවිකාවන්ගේ සහායෙන් , කිසිදු කරදරයකින් තොරව ගුවන් යානය තුළ දී සිදු කෙරුණා.

ගුවන් නියමුවා විසින් ඒ බැව් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කර , ගුවන් යානය ගොඩබසිනවාත් සමගම , ගිලන් රථ , වෛද්‍යවරුන් සහ හෙදියන් ගුවන් යානය අසළටම කැඳවා , සූදානම් කර තැබීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම කාන්තාව පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබූ අතර , මව සහ දරුවා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර , ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් එහි පසුවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *