free web stats

මැදපෙරදිග උණුසුම ඉහළට

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.

ඊශ්‍රායලය විසින් තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉරානයේ බටහිර දේශසීමා ආසන්නයේ ප්‍රහාරක යානා අභ්‍යාස පවත්වා ඇති බව වාර්තා වන පසුබිමක මෙම තර්ජනය කර ඇත.

මීට අමතරව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මොසාඩ් ආයතනයට, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට (IDF) සහ හමුදා බුද්ධි අංශයට ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීමේ අරමුණින් කටයුතු කරන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *