free web stats

දිවයින පුරා නායයෑම් අධි අවදානම් ස්ථාන 30,000කට අධික සංඛ්‍යාවක්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසූවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මේ මස 3 වන දින සිට මේ දක්වා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇති බවයි.

එලෙසම පෙර ඇති වූ දිට්වා බලපෑම නිසා බොහෝ ප්‍රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව ඇති බව ද පැවසූවා.

ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී ඇති අතර, පවතින වර්ෂාවත් සමඟ ඒවා සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතින බවද ඒ මහතා පැවසූවා.

ප්‍රදේශයට ලැබෙන වර්ෂාපනය සුළු වර්ෂාපතනයක් ලැබුණද පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතයත් සමඟ නිවේදනය වලංගු විය හැකි බවද ඒ මහතා පැවසූවා.

එම නිසා අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස ඉල්ලා සිටියි.

මේ අතර, ඊයේ (21) ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයෑම් නිවේදන නැවත යාවත්කාලීන කර ඇති අතර, පහත ප්‍රදේශ සඳහා අදියර 2 මට්ටමේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය: උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්,
රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇළපාත, කුරුවිට

මේ අතර පවතින වර්ෂාපනයත් සමඟ මෙම නිවේදන වෙනස්වීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *