free web stats

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (8) සිදුවිය.

ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට නවසීලන්තයට හැකිවිය.

පන්දුවාර 37කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි.

කමිඳු මෙන්ඩිස් පන්දු 66කදී ලකුණු 64ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි විය.

නවසීලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීම නිතර වූ විල් ඕ’ රුර්ක් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *