free web stats

උත්කර්ෂවත් බුහුමන් මැද ජනපතිව චීන රජයෙන් පිළිගනි PHOTOS

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 9.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වැනිදා දක්වා චීනයේ රැඳී සිටිමට නියමයි.

මෙම රාජ්‍ය සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ චීන අග්‍රාමාත්‍ය ලී ව්‍යං යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතයි.

අමාත්‍යවරුන් වන විජිත හේරත්, බිමල් රත්නායක සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම වෙනුවෙන් බීජිං නගරයේ මාර්ග රැසක් චීන සහ ශ්‍රී ලාංකික ධජවලින් සරසා ඇති අයුරු දැකගත හැකි ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *