සංවේදී තොරතුරු කිසිවෙකුට නොදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කරනවා
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මෙරට ජනතාවගේ සංවේදී තොරතුරු කිසිවක් ඉන්දියානු සමාගමකට පත් නොවන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ මේ හරහා ලබා ගන්නේ ඇඟිලි සලකුණ, මුහුණේ හැඩරුව සහ ඇසේ කළු ඉන්ගිරියාවේ හැඩරුව පමණක් බවයි.
දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම මේ මස අවසානයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩ් දුරටත් පැවසුවේ.