free web stats

වත්මන් ආණ්ඩුව ඇතැම් ඖෂධවල මිල අඩු කලා

ඇතැම් ඖෂධ වර්ගවල මිල ගනන් සියයට 200කින් අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමූනි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඖෂධ ආනයනය සඳහා පැවති ඒකාධිකාරය අවසන් කර මේ වන විට සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට අවස්ථාව සැලසීම ඊට හේතුවී ඇති බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමූනි මහතා කියා සිටියේ දරුවන්ට සහ ගර්භනී මවුවරුන්ට බලපෑම් එල්ල විය හැකි සියලු ප්‍රචාරණ මාධ්‍යයන් ඉවත් කිරීමට ද මේ වන විට කටයුතු කරමින් ඇති බවයි.

මීට අදාල නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මස පළමුවනදා සිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *