සෝමාවතිය වන්දනා මාන කරන බැතිමතුන්ට පණිවිඩයක්
පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදමිට ගමන් කරන සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ධාවනය තවදුරත් අත්හිටුවා තිබෙනවා.
ඇද හැලෙන අධික වැසි හමුවේ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුද බිමට ගමන් කරන මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබේ.
සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශයෙන් එම මාර්ගය අඩි 3-4ත් අතර ප්‍රමාණයකින් ජලයෙන් යටව තිබෙනවා.
මේ හේතුව මත එම මාර්ගයේ රථ වාහන ධාවනය අත් හිටුවීමට පොලීසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.
සෝමාවතිය වන්දනා මාන කිරීම බලාපොරොත්තුවෙන් සිටින ජනතාව සුංගාවිල සෝමාවතිය මාර්ගය භාවිතා කිරීමෙන් වලකින ලෙසටත් ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ පුලස්තිපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.