free web stats

සටන් විරා­මය අතර තුර ඊශ්‍රා­යලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර ඓති­හා­සික සටන් විරා­මය ආර­ම්භ­වී­මෙන් දින තුන­කට පසුව ඊශ්‍රා­යල හමු­දා­වෙන් බට­හිර ඉවු­රට ප්‍රහා­ර­යක් එල්ල කර ඇති අතර, පල­ස්තීන ජාති­ක­යන් 9 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රා­ය­ල­යට අයත් බට­හිර ඉවුරේ ජෙනින් නුවර දැවැන්ත ත්‍රස්ත විරෝධී මෙහෙ­යු­මක් වශ­යෙන් එම ප්‍රහා­රය එල්ල කළ බව ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

බට­හිර ඉවු­රට ප්‍රහාර එල්ල කර­මින් හෙලි­කො­ප්ටර් යානා සහ සන්නද්ධ ඩෝසර් යන්ත්‍ර­ව­ලින් සම­න්විත විශාල හමුදා කණ්ඩා­ය­මක් ජෙනින් නුවර සර­ණා­ගත කඳ­වුරු වැටලූ බව පල­ස්තීන මාධ්‍ය උපුටා දක්ව­මින් බිබීසී පුවත් සේවය සඳ­හන් කළා.

ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *