free web stats

කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු නිදහස්

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් නිදහස් කරන ලද කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු ඊශ්‍රායලයට ආපසු පැමිණ තිබෙනවා.

හමාස් සංවිධානය භාරයේ පසුවූ මෙම කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනා ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීම සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් ඊශ්‍රායලය යුද හමුදාවට අයත් සෙබළියන් වේ. කාන්තා සෙබළියන් සිව්දෙනා හමාස් තුවක්කුකරුවන් විසින් නහාල් හමුදා කඳවුරේදී සිය යටතට ගෙන ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් තිබුණා.

ඔවුන්ගේ දෑත් බැඳ බලහත්කාරයෙන් ගාසා තිරයට රැගෙන යන දර්ශන එවක සමාජය මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මෙම ප්‍රාණ ඇපකරුවන් රතු කුරුස සංවිධානයට භාර දෙන විට තුවක්කුකරුවන් සහ විශාල ජනකායක් ගාසා නගරයේ පලස්තීන චතුරශ්‍රයේ රැස්ව සිටි බව ද සදහන් වේ.

හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කිරීම වෙනුවෙන් මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා හරින බවයි.

සටන් විරාමය ඉකුත් ඉරිදා සිට ක්‍රියාත්මක වීමෙන් පසු සිදු වූ ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් දෙවන හුවමාරුව මෙය වාර්තා වන්නේ.

පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වෙනුවෙන් පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.

ඉදිරි සති පහ ඇතුළත නිදහස් කිරීමට නියමිත අනෙකුත් ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා පිළිබඳ තොරතුරු හමාස් සංවිධානය විසින් ලබා දෙනු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා.

කෙසේවුවද ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධයෙන් කිසිවෙකු නිදහස් නොකරන බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *