සංගීත ප්‍රසංගවල කාලසීමාවන් ගැන සාකච්ඡා
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඊයේ (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.
2005/38 දරණ අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ලබා දී ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
එම තීන්දුවට අනුව 2007 /2008 පොලිස් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා 2010 වසරේදී එය සංශෝධනයට ලක් කර ඇති බවද පැවසුවා.
සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන ආකාරයෙන් මෙම සංශෝධන සිදුකළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බවද සඳහන් කළා.
මෙම වසරේ ගතවූ දින 22ක කාලයක තුළ සංචාරකයින් එක්ලක්ෂ හැත්ත හත්දහස් හාරසිය තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
කෙටි කාලයක් තුළ සංචාරක ක්ෂේත්‍රය ඉතා ඉහළ තැනකට ගෙන ඒමටත් රජයේ ඉලක්ක ගත වැඩපිළිවෙළට මේ හරහා ගමන් කළ හැකි බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවා.