free web stats

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා චෝදනා ප්‍රතික්ෂේප කරයි

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා පවසනවා.

අදාළ බහලුම් සමග තමන්ට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසූවා.

එමෙන්ම ආණ්ඩුකාරවරයා පැවසුවේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

ඔහු පැවසුවේ තමන් කිසිදු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි බවත් තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමනක් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිය අරමුණ බස්නාහිර පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයක් සිදු කිරීමට බවයි.

පසුගිය දිනක දී පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා විසින් ආනයනය කළ දෑ ඇතුලත් බාහාලුම් බවට විවිධ දේශපාලන පක්ෂ සමාජිකයින් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පුද්ගලියන් චෝදනා කිරීම් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *