අයියට මාට්ටූ වූ පාසල් පෙම නිසා පෙම්වතා රෝහලේ
සාමාන්‍ය පෙළ හදාරමින් සිටින දැරියක්ව එම වයසේම පිරිමි දරුවෙකු විසින් අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දැරියගේ මව විසින් හොරණ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ දැරිය දැනට මාස 9ක පමණ සිට සිදුවීමට සම්බන්ධ පාසල් සිසුවා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා පළමු වරට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනයක දී නිවසේ දී එක්වී ඇති අතර, පසුව වරින් වර එලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබුණා.
ජනවාරි (28) දිනයේ දී එලෙස නිවසේ දී දෙදෙනා පෙම් සුව ව්දිම්න් සිටින අවස්ථාවක දී දැරියගේ වැඩිමහල් සොහොයුරා නිවසට පැමිණ තිබෙනවා.
එහිදී පාසල් සිසුවාට සොහොයුරා විසින් පහරදී තිබෙනවා.
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, සිදුවීමට මුහුණදුන් පාසල් සිසුවිය පොලීසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ.
හොරණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.