free web stats

අනාගත දේශපාලන නායකයන්ට අගමැතිනිය දුන් පණිවිඩය

අනාගත දේශපාලන නායකයන් ලෙස ර‍ට ගොඩනැගීමේ කොටස්කරුවන් වීමට පාසැල් කාලය තුළම අධිෂ්ඨාන කරගත යුතුයි.

හොඳින් අධ්‍යාපනය හදාරා අනාගත දේශපාලන නායකත්වයට පැමිණ ර‍ට ගොඩනැගීමේ කොටස්කරුවන් වීමට පාසැල් කාලය තුළම අධිෂ්ඨාන කරගත යුතු බව අගාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් අමතමින් පැවසුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025.01.28 දින පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

දේශපාලනයට සම්බන්ධවීමට වත්මන් තරුණ පරපුරේ යම් අකමැත්තක් නිර්මාණය වී ඇති බවත් යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ අනාගත දේශපාලන නායකත්වයට පැමිණීමට දරුවන්ට යෝජනා කරන බවත් ඇය පෙන්වා දුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පුරවැසි සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළා.

එසේම රජය විසින් හදුන්වා දුන් ‘Clean Sri Lanka’ වැඩසටහන හරහා අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර ඔස්සේ වඩාත් විධිමත් රටක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

තවද අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න විමසීමට ද ශිෂ්‍යාවන්ට මෙහිදී අවස්ථාව හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *