හෙලිකොප්ටර් තුනේ කතාව නිර්මාණය කළ බොරුවක්
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යාපනය ප්‍රදේශයේ කළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා භාවිත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධව ඊයේ දින 02 දා ආරක්‍ෂක අමාත්‍යංශය මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය මගින් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිතුමා යාපනය සංචාරය සදහා කිසිදු ගුවන් යානයක් භාවිතා නොකල අතර එතුමන් සිය නිල මෝටර් රථයෙන් යාපනය සංචාරයේ නියැළුණු බවයි.
ආරක්‍ෂක අමාත්‍යංශය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත නිකුත් කළ ලිපිය පහලින්
