free web stats

හෙට පිට්යෙන් සමුගන්න දිමුත් කරුණාරත්න

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමඟ හෙට (6) ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගය ද වනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඔහු සියලු මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිය පවුල සමඟ විදෙස්ගත වීමට අදහස් කර තිබේ.

දිමුත් කරුණාරත්න වසර 2012‍ නොවැම්බර් 17 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සිය වැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයේදී සිදුවීම දුර්ලභ සිද්ධියක් ලෙසයි ක්‍රිඩා ව්චාරයකයන් පවසන්නේ.

දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරණයේ බල කණුවක් ලෙස කටයුතු කළ 36 හැවිරිදි දිමුත් කරුණාරත්න මෑතක පැවති තරගවලදී ලකුණු ලබා ගැනීමට අරගල කරමින් සිටි අතර, තවදුරටත් එලෙස අසමත් වෙමින් සිටිනවාට වඩා ක්‍රීඩාවෙන් ඉවත් වීම සුදුසු බවට තීරණය කළා.

දිමුත්ගේ අවසන් ටෙස්ට් ඉනිම් 25කදී ශතක වාර්තා නොවූ අතර, අර්ධ ශතක 5කට සීමා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *