free web stats

මැතිවරණ තියන්න සල්ලි නැති රනිල්ට වන්දි ගෙවන්න සල්ලි තිබුණු හැට්

වසර 2022 පැවති අරගල සමයේදී දේපොළ හානි වූ බව පවසමින් දේශපාලනඥයන් 43 දෙනකු විසින් රුපියල් කෝටි 122.4ක වන්දි මුදලක් රජයෙන් ලබාගත් ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) හෙළිදරවු කළා.

බුද්ධිමය දේපොළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදය අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ.

හානි වූ දේපොළ සම්බන්ධයෙන් වැඩි මුදලක් තක්සේරු කරන ලෙසට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන්ටත් බලපෑම් කරමින් මෙම වන්දි මුදල් ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළා.

ඒ අනුව වැඩිම වන්දි මුදලක් ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වන අතර එය රුපියල් ලක්ෂ 959කි. අඩුම වන්දි මුදල ලබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල වන අතර එම මුදල රුපියල් 504,000ක් වේ.

වන්දි ලබාගත් මන්ත්‍රීවරු සහ එම වන්දි මුදල් සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙසේ හෙළි කර සිටියා.

”කපිල නුවන් අතුකෝරල රුපියල් 504,000යි. විමලවීර දිසානායක රුපියල් 550,000යි. ගීතා කුමාරසිංහ රුපියල් 972,000යි. ජනක තිස්සකුට්ටිආරච්චි රුපියල් 1,143,000යි. ගුණපාල රත්නසේකර රුපියල් 1,412,780යි. ප්‍රේමනාත් සී. දොලවත්ත රුපියල් ලක්ෂ 23යි. ප්‍රියංකර ජයරත්න රුපියල් 2,348,000යි. සම්පත් අතුකෝරල රුපියල් 2,540,610යි. ජයන්ත කැටගොඩ රුපියල් 2,814,800යි. විමල් වීරවංශ රුපියල් 2,954,000යි. මහාචාර්ය චන්න ජයසුමන රුපියල් 3,334,000යි. අකිල එල්ලාවල රුපියල් 3,554,250යි. චමල් රාජපක්ෂ රුපියල් 6,539,374යි. චන්දිම වීරක්කොඩි රුපියල් 6,948,800යි. අශෝක ප්‍රියන්ත රුපියල් 7,295,000යි. සමන්ප්‍රිය හේරත් රුපියල් ලක්ෂ 105.2යි. ජනක බණ්ඩාර තෙන්නකෝන් රුපියල් 105.5යි. රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 116.4යි. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රුපියල් ලක්ෂ 137.8යි. සහන් ප්‍රදීප් රුපියල් ලක්ෂ 171.3යි. ශෙහාන් සේමසිංහ රුපියල් ලක්ෂ 185.1යි. ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5යි. මිලාන් ජයතිලක රුපියල් ලක්ෂ 223යි. දොස්තර රමේෂ් පතිරණ රුපියල් ලක්ෂ 281යි. දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ 288යි. කනක හේරත් රුපියල් ලක්ෂ 292යි. ඩී.බී. හේරත් රුපියල් ලක්ෂ 321යි. ප්‍රසන්න රණවීර රුපියල් ලක්ෂ 327යි. ඩබ්ලිව්.ඩී. වීරසිංහ රුපියල් ලක්ෂ 372යි. ශාන්ත බණ්ඩාර රුපියල් ලක්ෂ 391යි. එස්.එම්. චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 438යි. සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427යි. සිරිපාල ගම්ලත් රුපියල් ලක්ෂ 509යි. අරුන්දික ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 552යි. සුමිත් උඩුකුඹුර රුපියල් ලක්ෂ 559යි. ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 561යි. කෝකිලා ගුණවර්ධන රුපියල් ලක්ෂ 587යි. මොහාන් පී. ද සිල්වා රුපියල් ලක්ෂ 601යි. නිමල් ලාංසා රුපියල් ලක්ෂ 692යි. අලි සබ්‍රි රහීම් රුපියල් ලක්ෂ 709යි. ගාමිණී ලොකුගේ රුපියල් ලක්ෂ 749යි. ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934යි. කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959යි.

සාමාන්‍ය පුද්ගලයකුගේ සමස්ත දේපොළම ස්වාභාවික විපතකින් හානි වුවහොත් දෙන උපරිම වන්දි මුදල වනුයේ රුපියල් ලක්ෂ 25ක් වුවත් එය ලබා ගැනීමට හානියට පත් වූ පුද්ගලයා විවිධ අපහසුතා විඳින්න්ව සිදුවන බවද ඇමතිවරයා පවසා සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *